Sunday, February 21, 2010

උබුන්ටු සමඟ ජීවිතේ 2

උබුන්ටු වල තියෙන compiz fusion කියන එක ගැන තම අද කතා කරන්න යන්නේ. මේ පැකෙජය compiz extra හා beryl යන වියපෘති දෙකේ ඒකා බද්ධ වීම නිසා සෑදුන පැකේජයක්. මේකේදී මූලිකවම කරන්න බලාපොරොත්තු වෙන්නේ windows නොවන පද්ධති වලට ආකර්ශනිය පෙනුමක් ලබාදීම තමා. මරු මරු වැඩ කෑලී ටිකක් තියෙනව මේකේ.....windows කැලේ ඉතින් ඒවා දැක්කම....හෙහෙ
මේක ඉස්සෙලලාම out උනේ openSuse වල තම, ඒ 2007 දී. ඊට පස්සේ දිගටම මේකත් අනිත් සංස්කරණත් එක්ක එලියට ආවා. මම කතා කරන්න යන්නේ උබුන්ටු ත් එක්ක මේකේ වැඩ කරන හැටී.
මේ snaps ටික බලන්නකෝ....එතකොට ඔයාලට තේරෙයි කොච්චර ලස්සන effects තියෙනවද මේකත් එක්ක කියලා. ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ System>Administration  තුල තියෙන Synaptic Package Manager එක open කරන එකයි.

එකෙන් search කරන්න compizconfig කියල කොටලා...එතකොට ලැබෙන පැකේජය install කරගන්න.
ඒක කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ window එකක් ලැබෙයි...මේක තියෙන්නේ System>Preferences වල.

ඉතින් මේකෙන් ඔයාලට ඕනේ සෙල්ලම ගොඩකම දාන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව.
මම කියන්නම්කො එක කරන හැටි. මේ snaps ටික follow කරන්නකෝ....එතකොට ඔයාලටම තේරෙයි.





දැන් ඔයාලටම තේරෙනවනේ මේක කොච්චර ලේසි වැඩක් ද කියලා....කරලම බලන්නකෝ ඉතින්.... :)

මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

7 ප්‍රතිචාර:

අහ්... ලියමු බලන්න තව දේවල්... අපි නම් කොහොමත් ලිනක්ස් අය නොවැ... :)

ආහ්.....ඒක නම් ඇත්ත තම අය්යා, මේක නම් ඉතින් starters guide එකක් වගේ තමා, ඉතින්.... :) ස්තූතියි ප්‍රතිචාරයට.....

එල, මේ බ්ලොග් එක අදයි දැක්කේ. නියමයි.
දිගටම ලියමු!

---
මචං මේ තීම් එකේ word verification දැම්මම අවුලක් යනවා. Word verification text box එක පේන්නෙ නෑ. කොහොමත් wv තිබුණ කියල ප්‍රයෝජනයක් නෑ, අයින් කරල දාන්න.

ආහ්...එහෙමත් එකක්ද... ? ඒ තොරතුරට බොහොම ස්තූතියි මච්ං... :) ඒ වගේම ප්‍රතිචාරයටත් ස්තුතිය....!

එළ දිගටම ලියමු.
ඔය එමරල්ඩ් තීම් එකේ ටයිටල් බාර් එකේ උස අඩු කරගන්න පුලුවන්.
මමත් ඕක තමයි දාගෙන ඉන්නේ.

Who Needs Windows 7 :D

හැමදාම ලිනක්ස් පාවිච්චි කරද්දී හිතේ පොඩි තැවුලක් ඇති වෙනවා වින්ඩොස් තරම් ග්‍රැෆිකල් නොවීම පිළිබදව. ඔබේ මේ ලිපිය හින්දා දැන් ඒහිත් තැවුලත් නැති වුණා.

Post a Comment

ඔබගේ අදහස් සඳහායි මේ අවකාශය

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More