Saturday, February 20, 2010

ඔබ මම හා අපේ හැසිරීම රටාව....!

අපි ඔය කියන තරමටම අහඹු හැසිරීම් රටාවක් තියෙන මිනිස්සුද.... ?
මේ ප්‍රශ්නයට උත්තරයක් මේ ලඟදී Center for Complex Network Research at Northeastern University in Boston හි ඉන්න කට්ටිය හොයාගෙන තියෙනවා. මෙයාල කරලා තියෙන්නේ පුද්ගලයන් 50000 කගේ ජංගම දුරකථන වාර්තා මාස තුනක් තිස්සේ එකතු කරලා ඒවා විශ්ලේෂ්ණය කරලා බලන එකයි. මෙතනදී ඒ වාර්තා අනුව එක් එක් පුද්ගලයා දවස පුරා හැසිරෙන ස්ථාන දළ වශයෙන් නිගමනය කරලා ඒ දත්ත තමා විශ්ලේෂණය කරල තියේන්නේ.
මේ වාර්තාවට අනුව නම්, අපි ඔය කියන තරම් නිදහස් හා අහඹු කොට්ඨාශයක් නෙමේ ඉතින්. අපේ හැසිරීම් රටාව, අපි අවැසි දවසක, අවැසි වෙලාවක ඉන්නේ කොතනද කියලා 93% නිර්වද්යතාවයක් ඇතිව නිගමනය කිරීමේ හැකියාවක් තියේනවලු. බලාගෙන යනකොට කියන තරමටම අපි නිදහස් මතධාරී නෑ නේද... ?

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ අදහස් සඳහායි මේ අවකාශය

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More