යුද්ධය හා සාමය

නුඹ අහසේ සඳ මා නොවන කල

ආදරය කියන්නේ වෙලාවකට දරාගන්න බැරි වේදනාවක්...ඒත්...

තාරුකා මල් අපිට කන්න දෙන්නේ නැද්ද?

Sunday, March 7, 2010

පරිගණක සැකසුම 2

අද මම කතා කරන්නේ යන්නේ ISA ගැන සැකෙවින්....ඒ කිව්වට ඉතින් මම දන්න තරමින් තමා....හෙහෙ
මේක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා ගන්න පුලුවනි ඉතින්...

අනිත් එක තමා මම කතා කරන්නේ MIPS Architecture ගැන සලකලා, මේවගේ syntax එක එහෙම වෙනස් වෙනවා ඉතින් architecture වෙනස් උනහම...නමුත් තේරුම් ගන්න පහසු හින්දා අපි MIPS ගැන කතා කරමු.
Instructions කියන්නේ කොටින්ම ගත්තොත් Processor කතා කරන භාෂාවයි, උදාහරනයක් විදිහට, ඔබ සිංහලෙන් හා මම ඉංගිරිසියෙන් කතා කරනවා කියලා හිතන්නකෝ, දැන් කතා කරන එක අපි දෙන්නටම තේරෙන්න නම් පරිවර්ථනයක් වෙන්න ඔනේ කියලා තේරෙනවනේ නේද.. ?
ISA එකෙන් කරන්නේ මේ වැඩේ තමා, කියන්නේ, අපි ලස්සනට පද බෙදලා එහෙම ලියලා තියෙන programming code එක, processor එකට තේරුම් ගන්න පුලුවන් වෙන එකකට හදන එක.
හරි...ඒ වෙනස් කම් ගැන පස්සේ කතාකරමුකෝ, දැන් ආයේත් යොමු වෙමු ISA වලට. දැන් Instructions කියන එක අපිට නිරූපණය කරන පුලුවන් ආකාර දෙකක් තියෙනවා.
  • Binary Code (ie: machine code)
මේක කෙලින්ම processor එකට තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයට තියෙන format එකක්. තියෙන්න ඉතින් 1යි, 0යි ඒවම තමා, බැලූ බැල්මට නම් අපිට මෙලෝ රහක් නෑ, ඒත් ටිකක් කල් මේවා දැකලා පුරුදු උන ඇහැකට නම් ටක් ගාලා තේරුම් ගන්න පුලුවන් මේ කියලා තියෙන්නේ මොනවද කියලා...ඒක ඉතින් අත්දැකීම් එක්ක ලැබෙන දෙයක්.
  • Assembly Code
මේක ඊට වැඩිය ටිකක් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට හදපු එකක්. තියෙන්නේ අංක නෙමේ, වාක්‍යමය නිරූපණයක්. ඒ වගේම එහි තිබෙන්නේ pseudo-representation එකක්.
මේ දෙකේ වෙනස තේරුම් ගන්න බලන්නකෝ පහළ තියෙන උදාහරණ දෙක දිහා.
  • add rd, rs, rt (Assembly Code)
  • 0001 0001 0010 0011 (Binary Code)
දැන් තේරෙනවනේ ඒ දෙකේ වෙනස මොකක්ද කියලා නේද.. ?
දැන් ඊළඟ දෙක ගැන කතා කරන්න කලින් මම MIPS Arithmetic ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්, එතකොට මේක ලේසි වෙයි තේරුම් ගන්න.
MIPS වල තියෙන්නේ හරිම ලේසි හා තේරුම් ගන්න පහසු ආකෘතියක්. 

  • මුලින්ම තියෙන්නේ මොකක්ද කරන්න ඕනේ කියන එකයි. ඒ කියන්නේ operation එකයි.
  • ඊට පස්සේ තියෙන්නේ ඒ operation එක කලාට පස්සේ ගමනාන්තය මොකක්ද කියන එකයි.ඒ කියන්නේ destination operand එකයි.
  • ඊටත් පස්සේ තමා තියෙන්නේ මොකක් මතද අර කලින් කියපු එක වෙන්නෙ කියන එක. ඒ කියන්නේ target and source operands.
වැදගත්ම කාරණය තමා MIPS වලදි තියේන්න පුළුවන් operands තුනක් පමණයි. මේක ඉතින් තේරුම් ගන්න පහසු වෙන්න වගේම, ක්‍රියාතමක කිරීම හා කේතනය කිරීම පහසු වීම සඳහා කළ දෙයක් උනාට, ඒකෙන් සමහර විට කරදර වෙන්නත් ඉඩ තියෙනවා ඉතින්. බලන්නකො පහල තියෙන උදාහරණ දිහා, එතකොට තේරෙයි ඔයාලටම.


අදට මේ ඇති නේද, ගොඩාක් දිගට කරන්න ගියාමත් මොනාත් තේරෙන්නේ නැතිව යනවනේ. ඊළඟ කොටස ළඟදීම බලාපොරොත්තු වන්න.




මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

Thursday, March 4, 2010

හොඳ හොඳ සෙල්ලම්, එලිවෙන ජාමෙට කිව්වලු....

සමාජයත් එක්ක හැසිරෙන මිනිසා, තමන් සමාජය හොඳ හැටි අදුරාගෙන ඉන්නේ කියලා තමා හිතාගෙන ඉන්නේ. ඒක ඇත්තටම සෑහෙන්න වැරදි අදහසක් බව මට මේ ළඟකදී තමා තේරුනේ. සාමාන්යේන් මිනිසෙක් තමන්ගේ ජීවිතේ ලබා ගන්න අත්දැකීම් එක්ක දවසින් දවස පරිණත වෙනවනේ. ඒ කතාව එක්තරා තරමකට ඇත්ත, ඒත් එහෙම පරිණත වෙනවා කියන මිනිසාට මුල අමතක වෙන එක තමා මෙතන තියෙන මූලිකම ප්‍රශ්නය. උදාහරණයක් විදිහට ගත්තොත්, අද සමාජයේ, ප්‍රබුද්ධ යි කියලා කියාගෙන ඉන්න මිනිස්සු ගොඩක් කරන වැඩ ගැන දැක්කම ඇති වෙන්නේ සමාජය ගැන එක්තරා ආකාරයක කලකිරීමක්. තමන් අත්දැකීම් වලින් පන්නරය ලබාගෙන පරිණත උනාම, ඒ දැනුමෙන් බිඳක් වෙන කෙනෙක්ට දායාද කරන එක අතින් සල්ලි යන වැඩක් නෙමෙනේ. ඒත් බහුතරයක් කරන්නේ ඒ අත්දැකීම් තමාත් එක්කම තියාගෙන, තමා කල වැරදිම කරන පරම්පරාවක් දිහා ඇස් කන් දල්වාගෙන බල ඉන්න එකයි. අඩුම ගානේ, මමත් මේ වගේ වැරද්දක් කලා, ඒක හින්දා මේ වගේ පාඩු ගොඩාක් මට සිද්ධ උනා, ඒ නිසාවත් මම තව කෙනෙක් මේ වැරද්දම කරන තුරු බලන් ඉන්නේ නෑ කියන හැඟීම අබමල් රේණුවක් තරම්වත් තියෙන්න ඕනේ නේද.. ? ඒ කාලේ තමන්, අද තමන් ඉන්න තත්වේ වගේ ඉන්න මිනිස්සු කරන ඒ 'වැරැද්ද පෙන්වා නොදීම' කියන දේට කොච්චර බැනලා ඇතිද කියලා නිකමට වත් මතකයට නැගෙන්නේ නැද්ද... ? එලෙසම තමන් ගැනත් අලුත් පරම්පරාව සිතාවී කියන කරුණ ඔවුන්ගේ සිහියට නැගෙන්නේ නැද්ද.. ? එහෙමත් නැත්තම්, ඔවුන් ඒක හිතා මතාම අමතක කර දමනවාද... ?

ඒ කොහොම උනත්, මෙතන තියෙන දරුණුම කාරණය තමා, මේ වැරදි කරන පරපුර දිහා මේ මිනිසුන් බලගෙන ඉන්නේ හිනාවෙන්න, ඒක එයාලගේ දින චර්යාවෙන් කොටසක් වගේ වෙලා කියලා තම ඇති තතු දන්න කට්ටිය නම් කියන්නේ. ඉතින් මේ වගේ චින්තන රටාවක් කොයි තරම් පටුද කියලා මම අමුතුවෙන් කියන්න ඔනේ වෙන්නේ නෑනේ, ඒ වගෙම තමා, මේක ඒකක සංකල්පයෙන් පරිභාහිරව, ජාතික තලයේ පුළුල්ව කතා බහට ලක්වෙන්න ඕනේ ප්‍රශ්නයක් කියන එකයි මගේ නම් අදහස. මොකද, මේක රටක ජාතික සංවර්ධනය හා, සමාජීය චින්තන රටාව පිළිඹිබු කරන ප්‍රශ්නයක්නේ. එහෙම උනහම ඒ වගේ සංසිද්ධියක් ඉදිරියට සිඳු නොවෙන්න අපේ ආකල්ප සංවර්දනය කරගැනීම නේ වැදගත්ම කාරණය වෙන්නේ, මොකද, හැමදාම කරනවා වගේ, රෝගයට ප්‍රථිකාර කරලා තාවකාලිකව සතුටු වෙනවට වඩා, පිළිලයේ මූලයටම ප්‍රථිකාර කලාම ඒක නිට්ඨාවටම සුව වෙනවනේ.


මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

පරිත්‍යාගයේ සැබෑ අරුත

ජීවිත නිම්නයේ මැද භාගය ගෙවනා ඔබට....
සැබෑම පරිත්‍යාගය කිමක් දැයි තේරි අවසානයි....
යැයි ඔබ පවසයි...!
එනමුදු....ඒ අත්දැකීම් සමඟ ලබාගත් පරිචය...
තිබේද අන් කවරෙකුටවත්..... ?
ඔබත් ඒ පරිචය ලබා ගත්තේ අත්දැකීමෙන්ම නොවෙද... ?
ඒ අත්දැකීම් නැති කල ඔබ ක්‍රියා කල සැටි ඔබට අමතකද... ?
ඉඳින් ඔබට ඒ අත්දැකීම්, වැටි වැටී නැගිටින්න උත්සහා දරන,
ඔබ කල අත පසුවීම්ම කරනා
තවත් සහෘදයෙක්ට
කියාදෙන්නට
බිඳකට වත් සිහිවන්නේ නැද්ද... ?
එයද ඔබගේ පරිත්‍යාගයේ සැබෑ අරුත.... ?




මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More