Friday, April 15, 2011

අලුත් අවුරුද්දත් එක්ක ජීවිතය අලුතෙන් පටන් ගනිමු.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම නිමිත්තෙන් තවත් අලුත් අවුරුද්දක් ලැබි තිබේ. මේ අලුත් අවුරුද්දේ හැමෝම අලුත් බලාපොරොත්තුත් එක්ක පිබිදිල කඩිසරව වැඩකරන්න පෙළ ගැහෙන බවක් තමා පේන්න තියෙන්නේ, ඒත් ඉතින් මේක අපි හැම අවුරුද්දකම මුල දකින දෙයක්. අද දවසේ මේ තියෙන උනන්දුව හෙට දවසටත් පවත්වා ගන්න එක තමා අමාරුම වැඩේ, මොකද, කට්ටියට මොකක් හරි දෙයක් පටන් ගන්නකොට මාර වීර්යක් එනවා, ඒත් ඒක පවත්වාගෙන යන එක තමා ටිකක් විතර අමාරු.
මේ වීර්යය, එක විදිහටම අවුරුද්ද පුරාවටම පවත්වාගෙන යන්න පුලුවන් නම්, අන්න එතනදි ජයග්‍රාහකයෙක් බිහිවෙනවා. ඒ හින්දා මොනවා කරන්නත් කලින් මේ අලුත් අවුරුද්දේ, හැමොම හිතා ගමු අපි මොකක් හරි දෙයක් පටන් ගන්නකොට ඒකට යොදන වීර්යය, දිගටම පවත්වාගෙන යන්න පුලුවන් වෙන්න කියලා. එහෙම උනාම අපි හැමෝම ජයග්‍රාහකයෝ වෙනවනේ!
තවත් දෙයක් කියන්න ඕනේ, මම කලින් කීවනේ අලුත් අවුරුද්ද කියන්නේ නැවුම් ආරම්භයක් කියලා, ඒ කියන්නේ හිතේ තියෙන තරහා මරහා ඔක්කොම අමතක කරලා දමලා, පහුගිය අවුරුද්දෙ තරහා වෙලා හිටිය කට්ටිය එක්කත් මිත්‍රදමකට මුල පුරලා හැමෝවම එකතු කරගෙන මේ අවුරුද්ද සාර්ථක කරගන්න වගබලාගන්න ඕනේ. එහෙම උනාම තමා සමාජයක් පරිණාමනය වෙනවා කියන්නේ. කට්ටිය දන්නවා ඇතිනේ, ස්වාභාවික වරණ වාදය අනුව, මොකක් හරි දෙයක් පරිණාමනය නොවී පවතිනවා කියන්නේ ඒ දේ ඉදිරියටත් පැවතීමේ සම්භාවිතාව හරිම අඩුයි. කොටින්ම කියනවා නම්, පරිණාමනය නොවී පවතින සමාජයක් වඳ වී යන්න තියෙන අන්තරාය හරිම වැඩී.



මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

1 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ අදහස් සඳහායි මේ අවකාශය

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More