යුද්ධය හා සාමය

නුඹ අහසේ සඳ මා නොවන කල

ආදරය කියන්නේ වෙලාවකට දරාගන්න බැරි වේදනාවක්...ඒත්...

තාරුකා මල් අපිට කන්න දෙන්නේ නැද්ද?

Thursday, May 12, 2011

යුද්ධය හා සාමය

හිතේ එක පැති කඩක
පැතිරුන විපිලිසර බවක්
පිළලයක් ලෙසින් 
වර්ධනය වූ කල
ඇතිවේ යුද්ධයක්
සිත
සිතට එරෙහිවම


ඒ විපිලිසර බවම
හඳුනා ගන්නේ නම්
විපිලිසර බවක් ලෙසට
උදාවේ සාමය
යුද්ධයට එළබෙන්නට 
ඔබ්බෙන්
යුද්ධයකට ඉඩ නොතබාම


එහෙත් ප්‍රශ්නයක් මැයි
හඳුනා ගන්නේ කෙලෙසද
හිතේ විපිලිසර බව
හිතත් හිතටම එරෙහි කොට?



මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

නුඹේ අහසේ සඳ මා නොවන කල

තාරුකා කන්දරාවක් පිරි
මගේ අහස් ගැබ,
තාමත් අඳුරින් පිරෙන්නේ
සඳක් නැති නිසාවෙන් මැයි,


මේ තරු කොපමණ සඳු වෙන්නට සැඳුවද,
සඳ කිරණ මුදා හල හැක්කේ ඔබට පමණයි!


එනමුදු,
අතීතයේ එකතරා දිනයක්,
මගේ සඳ වූ ඔබම
ඇවිත් මගෙන් විමසූ කල
තවත් ආකශයක සඳක්ව 
ඇයට බැබලේන්නට ඇවසි වග,
විපිලිසර නොවුනේද මසිත,
යළිත් කෙදිනක වත්
සඳක් ගැන 
බලපොරොත්තු තබා නොගන්නා තරමටම
රිදුනි ඒ පුංචි හිත


එහෙත්,
ඒ හැඟුම් මදකට මඟහැර
ඉදිරිපත් උනෙමි ඇයට
උපකාර කරනට
සඳක් වන්නට 
ඇයට ඇවැසි ආකාශයේ......


එනමුදු දන්නේ නම් ඇය,
කොපමණ වේදනාවක් මා
හිත තුල තිබුනේද යන්න
පුදුම සිතේවි ඇයට මා ගැන!


මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

Wednesday, May 11, 2011

ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය කොපමණ සාධාරණද?

මේ දවස් වල කතා බහට ලක්වෙන වැදගත්ම මාතෘකාවක් තමා මේක, ඉතින් මේ ගැන විශ්ව විද්‍යාලීය ශිෂ්‍යෙක් විදිහට පොඩි අදහසක් දක්වන්න හිතුනා. ඇත්තට මේ ගැන කතා කරනවා නම් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා, ඒත් මම සරලව මෙහෙම කියන්නම්. මගේ අදහස නම් මේ ඉල්ලිම් හරිම සාධාරණයි. 


අපි වෙනුවෙන් ඒ ආචාර්යවරු ලොකු කැපකිරීමක් කරන්නේ. මම පොඩි උදාහරණක් ගෙනහැර දක්වන්නම් මම ඉගෙනුම ලබන පීඨයට අදාලව. අපේ සාමාන්‍යෙන් පළවෙනි පත්වීම් ලබන කොට අඩුම ගානේ 50000 විතර පඩියක් වත් ලැබෙනවා. ඊට පස්සේ සේවා කාලයත් එක්ක ඒක සැහෙන්න වැඩි වෙනවා. හිතන්නකො අපේ අචාර්ය වරයෙක් උපාධිය හිමි කරගෙන වසර 6කින් ආචාරය පදවියකට පත් වෙනවා කියලා, එතකොට එයා අචාර්ය වෙන්නෙ නැතිව, පශ්චාත් උපාධිය සම්පූර්ණ කලා නම්, අවුරුදු 3කට ආසන්න සේවා කාලයක් ඔහුට/ඇයට හිමි වෙනවා. මේ වගේ සේවා කාලයක් ඇතුලත, මේ වගේ සුදුසුකම් සහිත පුද්ගලයෙකුට වෙනත් රැකියාවකට ගියා නම් අඩුම තරමින් 200000 තරම් වත් පඩියක් ලැබෙනවා. වෙන රටක හිටියා නම් පරීක්ෂ්ණ කරමින්, ඉතාම ලේසියෙන් මේ වගේ 4 ගුණයකටත් වඩා වැඩි ආදායමක් ලබාගන්න පුලුවන්.


 ඉතින් මේක තමා ඇත්තම තත්වය, එතකොට මේ අය ඉල්ලන මේ පඩි වැඩි වීම සාධාරණයි කියලා හිතෙන්නේ නැද්ද ? ඒ විතරක් නෙමේ, ඔයාලා හිතයි මම මේ හැම දෙයක්ම මූල්‍යම වටිනාකමින් විතරක් මනිනවා කියල, ඒත් ඒක එහෙම නෙමේ, බුද්ධි ගලනය බහුල මේ කාලේ, මේ ආචර්යවරුන් මෙහෙ ඉදලා අපිට උගන්නන එකම ලොකු දෙයක් නෙමෙද ? මොකද පඩි කෙසෙ වෙතත්, එයාලට වෙන රටකට වෙලා පරීක්ෂණයක් කරගෙන, අලුත් දේවල් හා තාක්ෂණ පසුපස හඹායමින්, ඒව හොයාගන්න බැරිවට මෙහෙ ඉන්නවා නෙමේනෙ. ඉතින් මේ ඔක්කොමත් එක්ක සලකලා බැලුවම, මගේ අදහස නම් මේ ඉල්ලිම් ගොඩාක් සාධාරණයි කියන එකයි!




මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

Friday, May 6, 2011

තාරුකා මල් අපිට කන්න දෙන්නේ නැද්ද?

මාතෘකාවම ටිකක් අමුතුයි, මොකක් ගැනද අද මම කතා කරන්න යන්නේ කියලා හිතනවා ඇති ඔයාලා. මම පැහදිලි කරලා කියන්නම්කෝ මොකක්ද මේ තාරුකා මල් කතාව කියලා!
ඔන්න ඒ කලේ දවසක, ඒ කිව්වේ මම ඉස්කෝලේ යන කාලේ වුන වැඩක්. ඒ දවස් වල මම ඇස්ට්‍රො ක්ලබ් එකේ හිටියා, ඉතින් මෙහෙම තියෙන ඇස්ට්‍රො නයිට් වලට අපි ඉතින් පැනගෙන යනවා. ඇත්තටම ඒ කාලේ මාර විදිහට ඒ පැත්තට අපි ඇලිලා හිටියේ, මම, රොකටා, කල්දේරා, තව තව කට්ටිය හිටියා ඉතින්.
මම නම් තරු බලන එකට ආස උනාට, තරු රටා මොනද කියල අඳුනගන්න එහෙම ඒ තරම් දක්ෂ නෑ, මගේ විශේෂ ප්‍රගුන්ය උනේ න්‍යායික තාරකා භෞතික විද්‍යාව, කොහොමත් මම ඒ කාලේ ඉදලම භෞතික විද්‍යාවට කැමති.
කොහොම හරි ඔන්න අපි ඉතින් අපි මේ විදිහට සංවිධානය වුන තාරකා විද්‍යා කදවුරකට ගියා. මේක සංවිධානය කරලා තිබ්බේ මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක්, නම කියන්න ඕනේ නෑ ඉතින්, කොහොමින් කොහොම හරී, මෙයාලා ඉතින් සාමන්‍ය විදිහට වැඩ කටයුතු එහෙම කරලා, රෑ දෙගොඩ හරියේ දැම්මා ඉතින් අපිව එලියට, නිරික්ෂණ කටයුතු අරඹන්න, එ කියන්නේ ඉතින් තරු දිහා බලන් ඉන්න! ;) කොහොම හරි, රෑ 12ට විතර එලියට දාපු අපිට හරියට උපදෙස් දීලා තිබ්බෙත් නෑ, ඒ මදිවට, සාමන්‍යෙන් දෙන තේ/කෝපී එක වත් දුන්නේ නෑ අපිට, රෑ 12 විතර ඉදලා උදේ 4 වෙනකන් තේකක් නැතිව කන්නත් මොනත් නැතිව ඉන්නවා කියන්නේ ඉතින් එපා වෙන වැඩක් නේ, ඇත්තම කිව්වොත්, ඇස්ට්‍රො නයිට් එක්කට ගිහින් වෙන්න පුලුවන් එපාම කරපු වැඩක්. අපි ඉතින් මේකට අරවා මේවා කිය කියා හිටියේ කොහොමත්, ඒත් 4 වෙනකන්ම කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නැති හින්දා ඇත්තටම මල පැන්නා!
අපි ඊට පස්සේ සෙට් එකම එකතු වෙලා, අහල පහල ඉස්කෝල වල යාලුවොත් අල්ලගෙන නිරික්ෂණය කිරීම පැත්තකට දාලා, පොඩි උද්ගෝෂණයක් පටන් ගත්තා. ඒකේ ලියල තිබුන පාඨයක් තමා මට එක පාරටම මේ විදිහට මතක් උනේ, ඒකයි ඒ ගැනම ලියන්න කියලා හිතුවේ.


මේක උද්ගෝෂණයක් උනාට, හැමදාම වෙනවා වගේ ගහ මරා ගැනීම් වලින් කෙලවර උන එකක් නෙවේ. හරිම සොඳුරු විදිහට තමා ඒක අවසන් උනේ. අපිට අන්තීමට කන්න බොන්න හම්බුනා, ඒ වගේම ඒ රාත්‍රිය සංවිධානය කරපු පාසලේ සිසුවියෝ කීප දෙනෙක්ම අපේ හොඳම යාලුවෝ වෙලා තමා නැවතුනේ. ඒ කීප දෙනෙක් තාමත් අවුරුද්දකට සැරයක් වත් හම්බු වෙනවා, ෆෙස් බුක් එකේ සෙට් කලාම ඉල ඇදෙන කන් චැට් කරනවා, හරිම සුන්දර කාලයක් ඒක, ඒ වගේම මාර අත්දැකීම් ගොඩක් ලැබුන කාලයක් ඒක.
ඔන්න ඉතින් ඕක තමා තාරුකා මල් වල කතාව, දැන් පැහැදිලිනෙ කට්ටියටම! :)






මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

Thursday, May 5, 2011

ජීවිතයකුත් තීරණයකුත් අතර දෝලනය.

සී සී කඩ විසිරුන,
බලාපොරොත්තු මල් ගොන්නක් සමඟ,
බොඳ උනු නෙතින් බලා සිටි මා හට,
ක්ෂිතිජ රේඛාවෙන් නික්මුණු,
තරු කැටයක් ලෙසින් ඔබව හැඟුණි,
බලාපොරත්තුවේ මල් යලිත් පුබුදමින්,
එහෙත්,
ඛේදයක්ම විය එය,
කෙතරම් බලපොරොත්තු සිරවූ සිත් තිබුනද,
සිතට ඉඩ දෙන්නට ඉසිඹුවක් නොමැති නම්,
යළිඳු මැකී යැයි එහැම සිහිනයක්ම,
ලත් තැනම මිලින වූ,
වෙඬරු පිඩක් මෙන්.





මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More