Friday, May 6, 2011

තාරුකා මල් අපිට කන්න දෙන්නේ නැද්ද?

මාතෘකාවම ටිකක් අමුතුයි, මොකක් ගැනද අද මම කතා කරන්න යන්නේ කියලා හිතනවා ඇති ඔයාලා. මම පැහදිලි කරලා කියන්නම්කෝ මොකක්ද මේ තාරුකා මල් කතාව කියලා!
ඔන්න ඒ කලේ දවසක, ඒ කිව්වේ මම ඉස්කෝලේ යන කාලේ වුන වැඩක්. ඒ දවස් වල මම ඇස්ට්‍රො ක්ලබ් එකේ හිටියා, ඉතින් මෙහෙම තියෙන ඇස්ට්‍රො නයිට් වලට අපි ඉතින් පැනගෙන යනවා. ඇත්තටම ඒ කාලේ මාර විදිහට ඒ පැත්තට අපි ඇලිලා හිටියේ, මම, රොකටා, කල්දේරා, තව තව කට්ටිය හිටියා ඉතින්.
මම නම් තරු බලන එකට ආස උනාට, තරු රටා මොනද කියල අඳුනගන්න එහෙම ඒ තරම් දක්ෂ නෑ, මගේ විශේෂ ප්‍රගුන්ය උනේ න්‍යායික තාරකා භෞතික විද්‍යාව, කොහොමත් මම ඒ කාලේ ඉදලම භෞතික විද්‍යාවට කැමති.
කොහොම හරි ඔන්න අපි ඉතින් අපි මේ විදිහට සංවිධානය වුන තාරකා විද්‍යා කදවුරකට ගියා. මේක සංවිධානය කරලා තිබ්බේ මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක්, නම කියන්න ඕනේ නෑ ඉතින්, කොහොමින් කොහොම හරී, මෙයාලා ඉතින් සාමන්‍ය විදිහට වැඩ කටයුතු එහෙම කරලා, රෑ දෙගොඩ හරියේ දැම්මා ඉතින් අපිව එලියට, නිරික්ෂණ කටයුතු අරඹන්න, එ කියන්නේ ඉතින් තරු දිහා බලන් ඉන්න! ;) කොහොම හරි, රෑ 12ට විතර එලියට දාපු අපිට හරියට උපදෙස් දීලා තිබ්බෙත් නෑ, ඒ මදිවට, සාමන්‍යෙන් දෙන තේ/කෝපී එක වත් දුන්නේ නෑ අපිට, රෑ 12 විතර ඉදලා උදේ 4 වෙනකන් තේකක් නැතිව කන්නත් මොනත් නැතිව ඉන්නවා කියන්නේ ඉතින් එපා වෙන වැඩක් නේ, ඇත්තම කිව්වොත්, ඇස්ට්‍රො නයිට් එක්කට ගිහින් වෙන්න පුලුවන් එපාම කරපු වැඩක්. අපි ඉතින් මේකට අරවා මේවා කිය කියා හිටියේ කොහොමත්, ඒත් 4 වෙනකන්ම කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නැති හින්දා ඇත්තටම මල පැන්නා!
අපි ඊට පස්සේ සෙට් එකම එකතු වෙලා, අහල පහල ඉස්කෝල වල යාලුවොත් අල්ලගෙන නිරික්ෂණය කිරීම පැත්තකට දාලා, පොඩි උද්ගෝෂණයක් පටන් ගත්තා. ඒකේ ලියල තිබුන පාඨයක් තමා මට එක පාරටම මේ විදිහට මතක් උනේ, ඒකයි ඒ ගැනම ලියන්න කියලා හිතුවේ.


මේක උද්ගෝෂණයක් උනාට, හැමදාම වෙනවා වගේ ගහ මරා ගැනීම් වලින් කෙලවර උන එකක් නෙවේ. හරිම සොඳුරු විදිහට තමා ඒක අවසන් උනේ. අපිට අන්තීමට කන්න බොන්න හම්බුනා, ඒ වගේම ඒ රාත්‍රිය සංවිධානය කරපු පාසලේ සිසුවියෝ කීප දෙනෙක්ම අපේ හොඳම යාලුවෝ වෙලා තමා නැවතුනේ. ඒ කීප දෙනෙක් තාමත් අවුරුද්දකට සැරයක් වත් හම්බු වෙනවා, ෆෙස් බුක් එකේ සෙට් කලාම ඉල ඇදෙන කන් චැට් කරනවා, හරිම සුන්දර කාලයක් ඒක, ඒ වගේම මාර අත්දැකීම් ගොඩක් ලැබුන කාලයක් ඒක.
ඔන්න ඉතින් ඕක තමා තාරුකා මල් වල කතාව, දැන් පැහැදිලිනෙ කට්ටියටම! :)






මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

2 ප්‍රතිචාර:

අකුරු නම් පොඩි වැඩියි ..... කියවන්න කණ්ණාඩි දාන්න ඕන .... තරු බල එකත් ලේසි නැහැ ......

අකුරු ලොකු කලා, ස්තුතියි ප්‍රතිචාරයට සහ අදහසට!

Post a Comment

ඔබගේ අදහස් සඳහායි මේ අවකාශය

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More