යුද්ධය හා සාමය

නුඹ අහසේ සඳ මා නොවන කල

ආදරය කියන්නේ වෙලාවකට දරාගන්න බැරි වේදනාවක්...ඒත්...

තාරුකා මල් අපිට කන්න දෙන්නේ නැද්ද?

Friday, November 18, 2011

ස්ථාන මාරුවක්


මිතුරනි, මගේ බ්ලොග් එක පහත ස්ථානයට ගෙන ගොස් ඇති බව කරුණාවෙන් සලකන්න.


පෙර සේම ඔබ මා හා රැඳී සිටීවියැයි බලාපොරොත්තු වෙමි.


Thursday, May 12, 2011

යුද්ධය හා සාමය

හිතේ එක පැති කඩක
පැතිරුන විපිලිසර බවක්
පිළලයක් ලෙසින් 
වර්ධනය වූ කල
ඇතිවේ යුද්ධයක්
සිත
සිතට එරෙහිවම


ඒ විපිලිසර බවම
හඳුනා ගන්නේ නම්
විපිලිසර බවක් ලෙසට
උදාවේ සාමය
යුද්ධයට එළබෙන්නට 
ඔබ්බෙන්
යුද්ධයකට ඉඩ නොතබාම


එහෙත් ප්‍රශ්නයක් මැයි
හඳුනා ගන්නේ කෙලෙසද
හිතේ විපිලිසර බව
හිතත් හිතටම එරෙහි කොට?



මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

නුඹේ අහසේ සඳ මා නොවන කල

තාරුකා කන්දරාවක් පිරි
මගේ අහස් ගැබ,
තාමත් අඳුරින් පිරෙන්නේ
සඳක් නැති නිසාවෙන් මැයි,


මේ තරු කොපමණ සඳු වෙන්නට සැඳුවද,
සඳ කිරණ මුදා හල හැක්කේ ඔබට පමණයි!


එනමුදු,
අතීතයේ එකතරා දිනයක්,
මගේ සඳ වූ ඔබම
ඇවිත් මගෙන් විමසූ කල
තවත් ආකශයක සඳක්ව 
ඇයට බැබලේන්නට ඇවසි වග,
විපිලිසර නොවුනේද මසිත,
යළිත් කෙදිනක වත්
සඳක් ගැන 
බලපොරොත්තු තබා නොගන්නා තරමටම
රිදුනි ඒ පුංචි හිත


එහෙත්,
ඒ හැඟුම් මදකට මඟහැර
ඉදිරිපත් උනෙමි ඇයට
උපකාර කරනට
සඳක් වන්නට 
ඇයට ඇවැසි ආකාශයේ......


එනමුදු දන්නේ නම් ඇය,
කොපමණ වේදනාවක් මා
හිත තුල තිබුනේද යන්න
පුදුම සිතේවි ඇයට මා ගැන!


මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

Wednesday, May 11, 2011

ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය කොපමණ සාධාරණද?

මේ දවස් වල කතා බහට ලක්වෙන වැදගත්ම මාතෘකාවක් තමා මේක, ඉතින් මේ ගැන විශ්ව විද්‍යාලීය ශිෂ්‍යෙක් විදිහට පොඩි අදහසක් දක්වන්න හිතුනා. ඇත්තට මේ ගැන කතා කරනවා නම් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා, ඒත් මම සරලව මෙහෙම කියන්නම්. මගේ අදහස නම් මේ ඉල්ලිම් හරිම සාධාරණයි. 


අපි වෙනුවෙන් ඒ ආචාර්යවරු ලොකු කැපකිරීමක් කරන්නේ. මම පොඩි උදාහරණක් ගෙනහැර දක්වන්නම් මම ඉගෙනුම ලබන පීඨයට අදාලව. අපේ සාමාන්‍යෙන් පළවෙනි පත්වීම් ලබන කොට අඩුම ගානේ 50000 විතර පඩියක් වත් ලැබෙනවා. ඊට පස්සේ සේවා කාලයත් එක්ක ඒක සැහෙන්න වැඩි වෙනවා. හිතන්නකො අපේ අචාර්ය වරයෙක් උපාධිය හිමි කරගෙන වසර 6කින් ආචාරය පදවියකට පත් වෙනවා කියලා, එතකොට එයා අචාර්ය වෙන්නෙ නැතිව, පශ්චාත් උපාධිය සම්පූර්ණ කලා නම්, අවුරුදු 3කට ආසන්න සේවා කාලයක් ඔහුට/ඇයට හිමි වෙනවා. මේ වගේ සේවා කාලයක් ඇතුලත, මේ වගේ සුදුසුකම් සහිත පුද්ගලයෙකුට වෙනත් රැකියාවකට ගියා නම් අඩුම තරමින් 200000 තරම් වත් පඩියක් ලැබෙනවා. වෙන රටක හිටියා නම් පරීක්ෂ්ණ කරමින්, ඉතාම ලේසියෙන් මේ වගේ 4 ගුණයකටත් වඩා වැඩි ආදායමක් ලබාගන්න පුලුවන්.


 ඉතින් මේක තමා ඇත්තම තත්වය, එතකොට මේ අය ඉල්ලන මේ පඩි වැඩි වීම සාධාරණයි කියලා හිතෙන්නේ නැද්ද ? ඒ විතරක් නෙමේ, ඔයාලා හිතයි මම මේ හැම දෙයක්ම මූල්‍යම වටිනාකමින් විතරක් මනිනවා කියල, ඒත් ඒක එහෙම නෙමේ, බුද්ධි ගලනය බහුල මේ කාලේ, මේ ආචර්යවරුන් මෙහෙ ඉදලා අපිට උගන්නන එකම ලොකු දෙයක් නෙමෙද ? මොකද පඩි කෙසෙ වෙතත්, එයාලට වෙන රටකට වෙලා පරීක්ෂණයක් කරගෙන, අලුත් දේවල් හා තාක්ෂණ පසුපස හඹායමින්, ඒව හොයාගන්න බැරිවට මෙහෙ ඉන්නවා නෙමේනෙ. ඉතින් මේ ඔක්කොමත් එක්ක සලකලා බැලුවම, මගේ අදහස නම් මේ ඉල්ලිම් ගොඩාක් සාධාරණයි කියන එකයි!




මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

Friday, May 6, 2011

තාරුකා මල් අපිට කන්න දෙන්නේ නැද්ද?

මාතෘකාවම ටිකක් අමුතුයි, මොකක් ගැනද අද මම කතා කරන්න යන්නේ කියලා හිතනවා ඇති ඔයාලා. මම පැහදිලි කරලා කියන්නම්කෝ මොකක්ද මේ තාරුකා මල් කතාව කියලා!
ඔන්න ඒ කලේ දවසක, ඒ කිව්වේ මම ඉස්කෝලේ යන කාලේ වුන වැඩක්. ඒ දවස් වල මම ඇස්ට්‍රො ක්ලබ් එකේ හිටියා, ඉතින් මෙහෙම තියෙන ඇස්ට්‍රො නයිට් වලට අපි ඉතින් පැනගෙන යනවා. ඇත්තටම ඒ කාලේ මාර විදිහට ඒ පැත්තට අපි ඇලිලා හිටියේ, මම, රොකටා, කල්දේරා, තව තව කට්ටිය හිටියා ඉතින්.
මම නම් තරු බලන එකට ආස උනාට, තරු රටා මොනද කියල අඳුනගන්න එහෙම ඒ තරම් දක්ෂ නෑ, මගේ විශේෂ ප්‍රගුන්ය උනේ න්‍යායික තාරකා භෞතික විද්‍යාව, කොහොමත් මම ඒ කාලේ ඉදලම භෞතික විද්‍යාවට කැමති.
කොහොම හරි ඔන්න අපි ඉතින් අපි මේ විදිහට සංවිධානය වුන තාරකා විද්‍යා කදවුරකට ගියා. මේක සංවිධානය කරලා තිබ්බේ මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක්, නම කියන්න ඕනේ නෑ ඉතින්, කොහොමින් කොහොම හරී, මෙයාලා ඉතින් සාමන්‍ය විදිහට වැඩ කටයුතු එහෙම කරලා, රෑ දෙගොඩ හරියේ දැම්මා ඉතින් අපිව එලියට, නිරික්ෂණ කටයුතු අරඹන්න, එ කියන්නේ ඉතින් තරු දිහා බලන් ඉන්න! ;) කොහොම හරි, රෑ 12ට විතර එලියට දාපු අපිට හරියට උපදෙස් දීලා තිබ්බෙත් නෑ, ඒ මදිවට, සාමන්‍යෙන් දෙන තේ/කෝපී එක වත් දුන්නේ නෑ අපිට, රෑ 12 විතර ඉදලා උදේ 4 වෙනකන් තේකක් නැතිව කන්නත් මොනත් නැතිව ඉන්නවා කියන්නේ ඉතින් එපා වෙන වැඩක් නේ, ඇත්තම කිව්වොත්, ඇස්ට්‍රො නයිට් එක්කට ගිහින් වෙන්න පුලුවන් එපාම කරපු වැඩක්. අපි ඉතින් මේකට අරවා මේවා කිය කියා හිටියේ කොහොමත්, ඒත් 4 වෙනකන්ම කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නැති හින්දා ඇත්තටම මල පැන්නා!
අපි ඊට පස්සේ සෙට් එකම එකතු වෙලා, අහල පහල ඉස්කෝල වල යාලුවොත් අල්ලගෙන නිරික්ෂණය කිරීම පැත්තකට දාලා, පොඩි උද්ගෝෂණයක් පටන් ගත්තා. ඒකේ ලියල තිබුන පාඨයක් තමා මට එක පාරටම මේ විදිහට මතක් උනේ, ඒකයි ඒ ගැනම ලියන්න කියලා හිතුවේ.


මේක උද්ගෝෂණයක් උනාට, හැමදාම වෙනවා වගේ ගහ මරා ගැනීම් වලින් කෙලවර උන එකක් නෙවේ. හරිම සොඳුරු විදිහට තමා ඒක අවසන් උනේ. අපිට අන්තීමට කන්න බොන්න හම්බුනා, ඒ වගේම ඒ රාත්‍රිය සංවිධානය කරපු පාසලේ සිසුවියෝ කීප දෙනෙක්ම අපේ හොඳම යාලුවෝ වෙලා තමා නැවතුනේ. ඒ කීප දෙනෙක් තාමත් අවුරුද්දකට සැරයක් වත් හම්බු වෙනවා, ෆෙස් බුක් එකේ සෙට් කලාම ඉල ඇදෙන කන් චැට් කරනවා, හරිම සුන්දර කාලයක් ඒක, ඒ වගේම මාර අත්දැකීම් ගොඩක් ලැබුන කාලයක් ඒක.
ඔන්න ඉතින් ඕක තමා තාරුකා මල් වල කතාව, දැන් පැහැදිලිනෙ කට්ටියටම! :)






මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

Thursday, May 5, 2011

ජීවිතයකුත් තීරණයකුත් අතර දෝලනය.

සී සී කඩ විසිරුන,
බලාපොරොත්තු මල් ගොන්නක් සමඟ,
බොඳ උනු නෙතින් බලා සිටි මා හට,
ක්ෂිතිජ රේඛාවෙන් නික්මුණු,
තරු කැටයක් ලෙසින් ඔබව හැඟුණි,
බලාපොරත්තුවේ මල් යලිත් පුබුදමින්,
එහෙත්,
ඛේදයක්ම විය එය,
කෙතරම් බලපොරොත්තු සිරවූ සිත් තිබුනද,
සිතට ඉඩ දෙන්නට ඉසිඹුවක් නොමැති නම්,
යළිඳු මැකී යැයි එහැම සිහිනයක්ම,
ලත් තැනම මිලින වූ,
වෙඬරු පිඩක් මෙන්.





මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

Friday, April 15, 2011

අලුත් අවුරුද්දත් එක්ක ජීවිතය අලුතෙන් පටන් ගනිමු.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම නිමිත්තෙන් තවත් අලුත් අවුරුද්දක් ලැබි තිබේ. මේ අලුත් අවුරුද්දේ හැමෝම අලුත් බලාපොරොත්තුත් එක්ක පිබිදිල කඩිසරව වැඩකරන්න පෙළ ගැහෙන බවක් තමා පේන්න තියෙන්නේ, ඒත් ඉතින් මේක අපි හැම අවුරුද්දකම මුල දකින දෙයක්. අද දවසේ මේ තියෙන උනන්දුව හෙට දවසටත් පවත්වා ගන්න එක තමා අමාරුම වැඩේ, මොකද, කට්ටියට මොකක් හරි දෙයක් පටන් ගන්නකොට මාර වීර්යක් එනවා, ඒත් ඒක පවත්වාගෙන යන එක තමා ටිකක් විතර අමාරු.
මේ වීර්යය, එක විදිහටම අවුරුද්ද පුරාවටම පවත්වාගෙන යන්න පුලුවන් නම්, අන්න එතනදි ජයග්‍රාහකයෙක් බිහිවෙනවා. ඒ හින්දා මොනවා කරන්නත් කලින් මේ අලුත් අවුරුද්දේ, හැමොම හිතා ගමු අපි මොකක් හරි දෙයක් පටන් ගන්නකොට ඒකට යොදන වීර්යය, දිගටම පවත්වාගෙන යන්න පුලුවන් වෙන්න කියලා. එහෙම උනාම අපි හැමෝම ජයග්‍රාහකයෝ වෙනවනේ!
තවත් දෙයක් කියන්න ඕනේ, මම කලින් කීවනේ අලුත් අවුරුද්ද කියන්නේ නැවුම් ආරම්භයක් කියලා, ඒ කියන්නේ හිතේ තියෙන තරහා මරහා ඔක්කොම අමතක කරලා දමලා, පහුගිය අවුරුද්දෙ තරහා වෙලා හිටිය කට්ටිය එක්කත් මිත්‍රදමකට මුල පුරලා හැමෝවම එකතු කරගෙන මේ අවුරුද්ද සාර්ථක කරගන්න වගබලාගන්න ඕනේ. එහෙම උනාම තමා සමාජයක් පරිණාමනය වෙනවා කියන්නේ. කට්ටිය දන්නවා ඇතිනේ, ස්වාභාවික වරණ වාදය අනුව, මොකක් හරි දෙයක් පරිණාමනය නොවී පවතිනවා කියන්නේ ඒ දේ ඉදිරියටත් පැවතීමේ සම්භාවිතාව හරිම අඩුයි. කොටින්ම කියනවා නම්, පරිණාමනය නොවී පවතින සමාජයක් වඳ වී යන්න තියෙන අන්තරාය හරිම වැඩී.



මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

Sunday, March 7, 2010

පරිගණක සැකසුම 2

අද මම කතා කරන්නේ යන්නේ ISA ගැන සැකෙවින්....ඒ කිව්වට ඉතින් මම දන්න තරමින් තමා....හෙහෙ
මේක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා ගන්න පුලුවනි ඉතින්...

අනිත් එක තමා මම කතා කරන්නේ MIPS Architecture ගැන සලකලා, මේවගේ syntax එක එහෙම වෙනස් වෙනවා ඉතින් architecture වෙනස් උනහම...නමුත් තේරුම් ගන්න පහසු හින්දා අපි MIPS ගැන කතා කරමු.
Instructions කියන්නේ කොටින්ම ගත්තොත් Processor කතා කරන භාෂාවයි, උදාහරනයක් විදිහට, ඔබ සිංහලෙන් හා මම ඉංගිරිසියෙන් කතා කරනවා කියලා හිතන්නකෝ, දැන් කතා කරන එක අපි දෙන්නටම තේරෙන්න නම් පරිවර්ථනයක් වෙන්න ඔනේ කියලා තේරෙනවනේ නේද.. ?
ISA එකෙන් කරන්නේ මේ වැඩේ තමා, කියන්නේ, අපි ලස්සනට පද බෙදලා එහෙම ලියලා තියෙන programming code එක, processor එකට තේරුම් ගන්න පුලුවන් වෙන එකකට හදන එක.
හරි...ඒ වෙනස් කම් ගැන පස්සේ කතාකරමුකෝ, දැන් ආයේත් යොමු වෙමු ISA වලට. දැන් Instructions කියන එක අපිට නිරූපණය කරන පුලුවන් ආකාර දෙකක් තියෙනවා.
  • Binary Code (ie: machine code)
මේක කෙලින්ම processor එකට තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයට තියෙන format එකක්. තියෙන්න ඉතින් 1යි, 0යි ඒවම තමා, බැලූ බැල්මට නම් අපිට මෙලෝ රහක් නෑ, ඒත් ටිකක් කල් මේවා දැකලා පුරුදු උන ඇහැකට නම් ටක් ගාලා තේරුම් ගන්න පුලුවන් මේ කියලා තියෙන්නේ මොනවද කියලා...ඒක ඉතින් අත්දැකීම් එක්ක ලැබෙන දෙයක්.
  • Assembly Code
මේක ඊට වැඩිය ටිකක් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට හදපු එකක්. තියෙන්නේ අංක නෙමේ, වාක්‍යමය නිරූපණයක්. ඒ වගේම එහි තිබෙන්නේ pseudo-representation එකක්.
මේ දෙකේ වෙනස තේරුම් ගන්න බලන්නකෝ පහළ තියෙන උදාහරණ දෙක දිහා.
  • add rd, rs, rt (Assembly Code)
  • 0001 0001 0010 0011 (Binary Code)
දැන් තේරෙනවනේ ඒ දෙකේ වෙනස මොකක්ද කියලා නේද.. ?
දැන් ඊළඟ දෙක ගැන කතා කරන්න කලින් මම MIPS Arithmetic ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්, එතකොට මේක ලේසි වෙයි තේරුම් ගන්න.
MIPS වල තියෙන්නේ හරිම ලේසි හා තේරුම් ගන්න පහසු ආකෘතියක්. 

  • මුලින්ම තියෙන්නේ මොකක්ද කරන්න ඕනේ කියන එකයි. ඒ කියන්නේ operation එකයි.
  • ඊට පස්සේ තියෙන්නේ ඒ operation එක කලාට පස්සේ ගමනාන්තය මොකක්ද කියන එකයි.ඒ කියන්නේ destination operand එකයි.
  • ඊටත් පස්සේ තමා තියෙන්නේ මොකක් මතද අර කලින් කියපු එක වෙන්නෙ කියන එක. ඒ කියන්නේ target and source operands.
වැදගත්ම කාරණය තමා MIPS වලදි තියේන්න පුළුවන් operands තුනක් පමණයි. මේක ඉතින් තේරුම් ගන්න පහසු වෙන්න වගේම, ක්‍රියාතමක කිරීම හා කේතනය කිරීම පහසු වීම සඳහා කළ දෙයක් උනාට, ඒකෙන් සමහර විට කරදර වෙන්නත් ඉඩ තියෙනවා ඉතින්. බලන්නකො පහල තියෙන උදාහරණ දිහා, එතකොට තේරෙයි ඔයාලටම.


අදට මේ ඇති නේද, ගොඩාක් දිගට කරන්න ගියාමත් මොනාත් තේරෙන්නේ නැතිව යනවනේ. ඊළඟ කොටස ළඟදීම බලාපොරොත්තු වන්න.




මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

Thursday, March 4, 2010

හොඳ හොඳ සෙල්ලම්, එලිවෙන ජාමෙට කිව්වලු....

සමාජයත් එක්ක හැසිරෙන මිනිසා, තමන් සමාජය හොඳ හැටි අදුරාගෙන ඉන්නේ කියලා තමා හිතාගෙන ඉන්නේ. ඒක ඇත්තටම සෑහෙන්න වැරදි අදහසක් බව මට මේ ළඟකදී තමා තේරුනේ. සාමාන්යේන් මිනිසෙක් තමන්ගේ ජීවිතේ ලබා ගන්න අත්දැකීම් එක්ක දවසින් දවස පරිණත වෙනවනේ. ඒ කතාව එක්තරා තරමකට ඇත්ත, ඒත් එහෙම පරිණත වෙනවා කියන මිනිසාට මුල අමතක වෙන එක තමා මෙතන තියෙන මූලිකම ප්‍රශ්නය. උදාහරණයක් විදිහට ගත්තොත්, අද සමාජයේ, ප්‍රබුද්ධ යි කියලා කියාගෙන ඉන්න මිනිස්සු ගොඩක් කරන වැඩ ගැන දැක්කම ඇති වෙන්නේ සමාජය ගැන එක්තරා ආකාරයක කලකිරීමක්. තමන් අත්දැකීම් වලින් පන්නරය ලබාගෙන පරිණත උනාම, ඒ දැනුමෙන් බිඳක් වෙන කෙනෙක්ට දායාද කරන එක අතින් සල්ලි යන වැඩක් නෙමෙනේ. ඒත් බහුතරයක් කරන්නේ ඒ අත්දැකීම් තමාත් එක්කම තියාගෙන, තමා කල වැරදිම කරන පරම්පරාවක් දිහා ඇස් කන් දල්වාගෙන බල ඉන්න එකයි. අඩුම ගානේ, මමත් මේ වගේ වැරද්දක් කලා, ඒක හින්දා මේ වගේ පාඩු ගොඩාක් මට සිද්ධ උනා, ඒ නිසාවත් මම තව කෙනෙක් මේ වැරද්දම කරන තුරු බලන් ඉන්නේ නෑ කියන හැඟීම අබමල් රේණුවක් තරම්වත් තියෙන්න ඕනේ නේද.. ? ඒ කාලේ තමන්, අද තමන් ඉන්න තත්වේ වගේ ඉන්න මිනිස්සු කරන ඒ 'වැරැද්ද පෙන්වා නොදීම' කියන දේට කොච්චර බැනලා ඇතිද කියලා නිකමට වත් මතකයට නැගෙන්නේ නැද්ද... ? එලෙසම තමන් ගැනත් අලුත් පරම්පරාව සිතාවී කියන කරුණ ඔවුන්ගේ සිහියට නැගෙන්නේ නැද්ද.. ? එහෙමත් නැත්තම්, ඔවුන් ඒක හිතා මතාම අමතක කර දමනවාද... ?

ඒ කොහොම උනත්, මෙතන තියෙන දරුණුම කාරණය තමා, මේ වැරදි කරන පරපුර දිහා මේ මිනිසුන් බලගෙන ඉන්නේ හිනාවෙන්න, ඒක එයාලගේ දින චර්යාවෙන් කොටසක් වගේ වෙලා කියලා තම ඇති තතු දන්න කට්ටිය නම් කියන්නේ. ඉතින් මේ වගේ චින්තන රටාවක් කොයි තරම් පටුද කියලා මම අමුතුවෙන් කියන්න ඔනේ වෙන්නේ නෑනේ, ඒ වගෙම තමා, මේක ඒකක සංකල්පයෙන් පරිභාහිරව, ජාතික තලයේ පුළුල්ව කතා බහට ලක්වෙන්න ඕනේ ප්‍රශ්නයක් කියන එකයි මගේ නම් අදහස. මොකද, මේක රටක ජාතික සංවර්ධනය හා, සමාජීය චින්තන රටාව පිළිඹිබු කරන ප්‍රශ්නයක්නේ. එහෙම උනහම ඒ වගේ සංසිද්ධියක් ඉදිරියට සිඳු නොවෙන්න අපේ ආකල්ප සංවර්දනය කරගැනීම නේ වැදගත්ම කාරණය වෙන්නේ, මොකද, හැමදාම කරනවා වගේ, රෝගයට ප්‍රථිකාර කරලා තාවකාලිකව සතුටු වෙනවට වඩා, පිළිලයේ මූලයටම ප්‍රථිකාර කලාම ඒක නිට්ඨාවටම සුව වෙනවනේ.


මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

පරිත්‍යාගයේ සැබෑ අරුත

ජීවිත නිම්නයේ මැද භාගය ගෙවනා ඔබට....
සැබෑම පරිත්‍යාගය කිමක් දැයි තේරි අවසානයි....
යැයි ඔබ පවසයි...!
එනමුදු....ඒ අත්දැකීම් සමඟ ලබාගත් පරිචය...
තිබේද අන් කවරෙකුටවත්..... ?
ඔබත් ඒ පරිචය ලබා ගත්තේ අත්දැකීමෙන්ම නොවෙද... ?
ඒ අත්දැකීම් නැති කල ඔබ ක්‍රියා කල සැටි ඔබට අමතකද... ?
ඉඳින් ඔබට ඒ අත්දැකීම්, වැටි වැටී නැගිටින්න උත්සහා දරන,
ඔබ කල අත පසුවීම්ම කරනා
තවත් සහෘදයෙක්ට
කියාදෙන්නට
බිඳකට වත් සිහිවන්නේ නැද්ද... ?
එයද ඔබගේ පරිත්‍යාගයේ සැබෑ අරුත.... ?




මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

Saturday, February 27, 2010

mid එක

මේ දවස් ටිකේම post එකක් වත් දාන්න බැරි උනා, මේ දවස්වල අපිට mid semester exam එකනේ.....ඒක ඉවර වෙලා තමා ඉතින් අයේමත් post එකක් දාන්න වෙන්නේ....

Tuesday, February 23, 2010

පරිගණක සැකසුම 1

මම කතා කරන්න යන්නේ computer architecture පිළිබඳවයි. මම භාවිතා කරපු සිංහල වචනේ කොච්චර සුදුසුද කියන එක නම් ප්‍රශ්නයක් තමා....ඒක හින්දා මම ඒකට කෙටි කරලා CA කියලා යොදා ගන්නම්.
CA කියලා කියන්නේ මූලික කරුණු ත්‍රිත්වයක එකතුවක්. ඒ කියන්නේ ISA(Instructions Set Architecture), එතකොට පරිගණක සැකැස්ම හා දෘඩාංග සැකැස්ම.
මේ එක එකක් ගැන වෙන වෙනම කතා කරන්නම් පස්සේ...එතකන් දළ වශයෙන් මේ මොනවද කියලා කියන්නම්කො. 
ISA කියන්නේ high level software හා දෘඩාංග අතර අතුරු මුහුණතක්. එතනදී මූලිකවම වෙන්නේ high level softwares වල අපි අණ කරන දේවල කරන්න ඕනේ කොහොමද කියලා දෘඩාංග වලට කියන එකයි.
එතකොට Computer organization කියලා කියන්නේ කොහොමද මේ ISA අතර interconnections තියෙන්නේ කියන කාරණයයි.
Hardware Implementation කියන්නේ ඇත්තටම මේ කරපු කොටස, දෘඩාංග භාවිතයෙන් හදා ගන්නේ කොහොමද කියන එකයි.
මේ තුනේ එකතුවට තමා CA කියලා කියන්නේ....දැන් පැහැදිලි ඇතිනේ මම කතා කරන්න යන්නේ මොන වගේ දෙයක් ගැනද කියලා නේද... ?

මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

Monday, February 22, 2010

පැතුම....


පොඩ්ඩක් කියවලා බලන්නකෝ මේකත්....ටිකක් කලින් ලියපු එකක්....හැබැයි හිතට හොඳට අල්ලපු එකක්.... :) :)

පැතුම....
කවදාවත්ම......
ඔබේ දෙනෙතේ, සැගවෙන්නට....
මට වරම් නැත්තම්.....
මිදි තිත්තයී කී....
හිවලෙකු විලසින්....
පසු නොබසින්නෙමි මම....
කෙදිනක හෝ....
ඔබට වැටහෙන තුරු...
මා ඔබ දෙනෙතට කොතරම් පෙම් කරනා බව....
රැදී සිටින්නම්....
සැමදා....
තනියෙන්ම....
බලාපොරොත්තුවේ ඇස් දල්වාගෙන.....


මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

පරිඝණක දෘඩාංග

පරිඝණක දෘඩාංග පිළිබඳ ලිපි පෙළක් ලියන්න කියලා බලාපොරොත්තුවක් තියෙනවා. මොකක්ද ඒ ගැන අදහස.. ? හැබැයි සෑහෙන්න කට්ටක් කන්න වෙන වැඩක් මේක....මොකද සිංහලෙන් වචන හොයන්න ගියාම ඉතින් එරෙනවා නැතිවෙන්න.....කොහොම උනත් කමක් නෑ...කියන්නකෝ ඒ ගැන අදහස්....

මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

Sunday, February 21, 2010

උබුන්ටු සමඟ ජීවිතේ 2

උබුන්ටු වල තියෙන compiz fusion කියන එක ගැන තම අද කතා කරන්න යන්නේ. මේ පැකෙජය compiz extra හා beryl යන වියපෘති දෙකේ ඒකා බද්ධ වීම නිසා සෑදුන පැකේජයක්. මේකේදී මූලිකවම කරන්න බලාපොරොත්තු වෙන්නේ windows නොවන පද්ධති වලට ආකර්ශනිය පෙනුමක් ලබාදීම තමා. මරු මරු වැඩ කෑලී ටිකක් තියෙනව මේකේ.....windows කැලේ ඉතින් ඒවා දැක්කම....හෙහෙ
මේක ඉස්සෙලලාම out උනේ openSuse වල තම, ඒ 2007 දී. ඊට පස්සේ දිගටම මේකත් අනිත් සංස්කරණත් එක්ක එලියට ආවා. මම කතා කරන්න යන්නේ උබුන්ටු ත් එක්ක මේකේ වැඩ කරන හැටී.
මේ snaps ටික බලන්නකෝ....එතකොට ඔයාලට තේරෙයි කොච්චර ලස්සන effects තියෙනවද මේකත් එක්ක කියලා. ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ System>Administration  තුල තියෙන Synaptic Package Manager එක open කරන එකයි.

එකෙන් search කරන්න compizconfig කියල කොටලා...එතකොට ලැබෙන පැකේජය install කරගන්න.
ඒක කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ window එකක් ලැබෙයි...මේක තියෙන්නේ System>Preferences වල.

ඉතින් මේකෙන් ඔයාලට ඕනේ සෙල්ලම ගොඩකම දාන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව.
මම කියන්නම්කො එක කරන හැටි. මේ snaps ටික follow කරන්නකෝ....එතකොට ඔයාලටම තේරෙයි.





දැන් ඔයාලටම තේරෙනවනේ මේක කොච්චර ලේසි වැඩක් ද කියලා....කරලම බලන්නකෝ ඉතින්.... :)

මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

Saturday, February 20, 2010

උබුන්ටු සමඟ ජීවිතය....

උබුන්ටු වල ඉතාම ලස්සන effects enable කරගන්නේ කොහොමද කියා පරීක්ෂා කර බලන ලිපියක් ලගදීම බලාපොරොත්තු වන්න.

ඔබ මම හා අපේ හැසිරීම රටාව....!

අපි ඔය කියන තරමටම අහඹු හැසිරීම් රටාවක් තියෙන මිනිස්සුද.... ?
මේ ප්‍රශ්නයට උත්තරයක් මේ ලඟදී Center for Complex Network Research at Northeastern University in Boston හි ඉන්න කට්ටිය හොයාගෙන තියෙනවා. මෙයාල කරලා තියෙන්නේ පුද්ගලයන් 50000 කගේ ජංගම දුරකථන වාර්තා මාස තුනක් තිස්සේ එකතු කරලා ඒවා විශ්ලේෂ්ණය කරලා බලන එකයි. මෙතනදී ඒ වාර්තා අනුව එක් එක් පුද්ගලයා දවස පුරා හැසිරෙන ස්ථාන දළ වශයෙන් නිගමනය කරලා ඒ දත්ත තමා විශ්ලේෂණය කරල තියේන්නේ.
මේ වාර්තාවට අනුව නම්, අපි ඔය කියන තරම් නිදහස් හා අහඹු කොට්ඨාශයක් නෙමේ ඉතින්. අපේ හැසිරීම් රටාව, අපි අවැසි දවසක, අවැසි වෙලාවක ඉන්නේ කොතනද කියලා 93% නිර්වද්යතාවයක් ඇතිව නිගමනය කිරීමේ හැකියාවක් තියේනවලු. බලාගෙන යනකොට කියන තරමටම අපි නිදහස් මතධාරී නෑ නේද... ?

Friday, February 19, 2010

උබුන්ටු සමඟ ජීවිතය....

මෙම ලිපිය තුලින් මූලිකවම හඳුන්වා දෙන්න යන්නේ උබුන්ටු පද්ධතිය ස්ථාපනය කරගන්නා ආකාරය පිළිබඳවයි....කොහොම උනත් ඉතින් ඒකත් එක්ක සෙල්ලම් කරන්න, උබුන්ටු දාගෙන ඉන්න එපැයි නේද... ?
මේක හරිම ලේසි වැඩක්......මම පිළිවෙලින් කියාගෙන යන්නම්කො...
1) උබුන්ටු තැටියක් සපයාගන්න...මෙය ඔබට යාලුවෙක්ගෙන් මෙන්ම, උබුන්ටු පිටුවෙන්ද ලබාගත හැක. ඒ සඳහා මෙතන ඔබන්න.
2) දැන් ඔබේ පරිඝණකය ආරම්භ කර නිසි යතුර එබීමෙන් තිබෙන boot මෙනුවට ගොස්, එයින් boot from the internal CD/DVD තෝරාගන්න.
3) ඉන් පසු එහි එන පරිදි උපදෙස් පිළිපදින්න...ඔබ ubuntu වලට අලුත් කියලා හිතගෙන මේක ලියන හින්දා...දැනට තවත් එක application එකක් වගේ උබුන්ටු ස්ථාපනය කරගන්න අයුරු බලමු.
4) මේ සඳහා එයාලගේ wubi installer කියන අංගය තියෙන හින්දා එච්චරම අමාරුවක් නෑ...ඒ වුනත් හිතට හරි මදි වගේ හිතෙනව නම් පහල රූප ටික ඇති, පිළිවලට බලාගෙන යන්නකෝ...!






මේ විදිහට කරලා උබුන්ටු ස්ථාපනය කරන්න පටන් ගන්න.


මේ අහන ප්‍රශ්න වලට නම් උත්තර දෙන්න පුලුවන් නේ ඉතින් නේද.. ?







මේක නම් ටිකක් අමාරු පියවරක්...අමාරුයි කිව්වට ඉතින්...අමාරුමත් නෑ....මෙතනදි install them side by side කියන අංගය තෝරාගන්න.







එච්චර තමා ඉතින්....අමාරුද මේ වැඩේ එච්චරටම කියලා හිතෙන්නේ නැද්ද කට්ටියට... ? හෙහෙ

පින්තූර ටික නම් මගේ නෙමේ හැබැයි...මට උබුන්ටු දානකොට ඒක කරන්න මතක් උනේ නෑ ඉතින්....

Sunday, February 14, 2010

මගේ සිතිවිලි වියමනට අවසර.....

කලකට පසු මෙසේ....
ආවෙමි මේ පෙදෙසේ....
වියකුණු මතකයන්.....
යළි අවධි කරවනු රිසිසේ....

ඔබ සැම එන යන මෙහි...
ප්‍රතිචාරයක් දක්වනු මැනේ...
මහත් රිසිවෙමි එසඳේ....
කරනු මැන මට උපකාරේ....

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More