යුද්ධය හා සාමය

123

Friday, November 18, 2011

ස්ථාන මාරුවක්

මිතුරනි, මගේ බ්ලොග් එක පහත ස්ථානයට ගෙන ගොස් ඇති බව කරුණාවෙන් සලකන්න. ඔබ හා මම පෙර සේම ඔබ මා හා රැඳී සිටීවියැයි බලාපොරොත්තු වෙමි...

Thursday, May 12, 2011

යුද්ධය හා සාමය

හිතේ එක පැති කඩක පැතිරුන විපිලිසර බවක් පිළලයක් ලෙසින්  වර්ධනය වූ කල ඇතිවේ යුද්ධයක් සිත සිතට එරෙහිවම ඒ විපිලිසර බවම හඳුනා ගන්නේ නම් විපිලිසර බවක් ලෙසට උදාවේ සාමය යුද්ධයට එළබෙන්නට  ඔබ්බෙන් යුද්ධයකට ඉඩ නොතබාම එහෙත් ප්‍රශ්නයක් මැයි හඳුනා ගන්නේ කෙලෙසද හිතේ විපිලිසර බව හිතත් හිතටම එරෙහි කොට? මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන...

නුඹේ අහසේ සඳ මා නොවන කල

තාරුකා කන්දරාවක් පිරි මගේ අහස් ගැබ, තාමත් අඳුරින් පිරෙන්නේ සඳක් නැති නිසාවෙන් මැයි, මේ තරු කොපමණ සඳු වෙන්නට සැඳුවද, සඳ කිරණ මුදා හල හැක්කේ ඔබට පමණයි! එනමුදු, අතීතයේ එකතරා දිනයක්, මගේ සඳ වූ ඔබම ඇවිත් මගෙන් විමසූ කල තවත් ආකශයක සඳක්ව  ඇයට බැබලේන්නට ඇවසි වග, විපිලිසර නොවුනේද මසිත, යළිත් කෙදිනක වත් සඳක් ගැන  බලපොරොත්තු තබා නොගන්නා තරමටම රිදුනි ඒ පුංචි හිත එහෙත්, ඒ හැඟුම් මදකට මඟහැර ඉදිරිපත් උනෙමි ඇයට උපකාර කරනට සඳක් වන්නට  ඇයට ඇවැසි ආකාශයේ...... එනමුදු දන්නේ නම් ඇය, කොපමණ වේදනාවක් මා හිත තුල තිබුනේද යන්න පුදුම සිතේවි ඇයට මා ගැන! මේ...

Wednesday, May 11, 2011

ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය කොපමණ සාධාරණද?

මේ දවස් වල කතා බහට ලක්වෙන වැදගත්ම මාතෘකාවක් තමා මේක, ඉතින් මේ ගැන විශ්ව විද්‍යාලීය ශිෂ්‍යෙක් විදිහට පොඩි අදහසක් දක්වන්න හිතුනා. ඇත්තට මේ ගැන කතා කරනවා නම් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා, ඒත් මම සරලව මෙහෙම කියන්නම්. මගේ අදහස නම් මේ ඉල්ලිම් හරිම සාධාරණයි.  අපි වෙනුවෙන් ඒ ආචාර්යවරු ලොකු කැපකිරීමක් කරන්නේ. මම පොඩි උදාහරණක් ගෙනහැර දක්වන්නම් මම ඉගෙනුම ලබන පීඨයට අදාලව. අපේ සාමාන්‍යෙන් පළවෙනි පත්වීම් ලබන කොට අඩුම ගානේ 50000 විතර පඩියක් වත් ලැබෙනවා. ඊට පස්සේ සේවා කාලයත් එක්ක ඒක සැහෙන්න වැඩි වෙනවා. හිතන්නකො අපේ අචාර්ය වරයෙක් උපාධිය හිමි කරගෙන වසර 6කින්...

Friday, May 6, 2011

තාරුකා මල් අපිට කන්න දෙන්නේ නැද්ද?

මාතෘකාවම ටිකක් අමුතුයි, මොකක් ගැනද අද මම කතා කරන්න යන්නේ කියලා හිතනවා ඇති ඔයාලා. මම පැහදිලි කරලා කියන්නම්කෝ මොකක්ද මේ තාරුකා මල් කතාව කියලා! ඔන්න ඒ කලේ දවසක, ඒ කිව්වේ මම ඉස්කෝලේ යන කාලේ වුන වැඩක්. ඒ දවස් වල මම ඇස්ට්‍රො ක්ලබ් එකේ හිටියා, ඉතින් මෙහෙම තියෙන ඇස්ට්‍රො නයිට් වලට අපි ඉතින් පැනගෙන යනවා. ඇත්තටම ඒ කාලේ මාර විදිහට ඒ පැත්තට අපි ඇලිලා හිටියේ, මම, රොකටා, කල්දේරා, තව තව කට්ටිය හිටියා ඉතින්. මම නම් තරු බලන එකට ආස උනාට, තරු රටා මොනද කියල අඳුනගන්න එහෙම ඒ තරම් දක්ෂ නෑ, මගේ විශේෂ ප්‍රගුන්ය උනේ න්‍යායික තාරකා භෞතික විද්‍යාව, කොහොමත් මම ඒ කාලේ ඉදලම...

Thursday, May 5, 2011

ජීවිතයකුත් තීරණයකුත් අතර දෝලනය.

සී සී කඩ විසිරුන, බලාපොරොත්තු මල් ගොන්නක් සමඟ, බොඳ උනු නෙතින් බලා සිටි මා හට, ක්ෂිතිජ රේඛාවෙන් නික්මුණු, තරු කැටයක් ලෙසින් ඔබව හැඟුණි, බලාපොරත්තුවේ මල් යලිත් පුබුදමින්, එහෙත්, ඛේදයක්ම විය එය, කෙතරම් බලපොරොත්තු සිරවූ සිත් තිබුනද, සිතට ඉඩ දෙන්නට ඉසිඹුවක් නොමැති නම්, යළිඳු මැකී යැයි එහැම සිහිනයක්ම, ලත් තැනම මිලින වූ, වෙඬරු පිඩක් මෙන්. මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන...

Friday, April 15, 2011

අලුත් අවුරුද්දත් එක්ක ජීවිතය අලුතෙන් පටන් ගනිමු.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම නිමිත්තෙන් තවත් අලුත් අවුරුද්දක් ලැබි තිබේ. මේ අලුත් අවුරුද්දේ හැමෝම අලුත් බලාපොරොත්තුත් එක්ක පිබිදිල කඩිසරව වැඩකරන්න පෙළ ගැහෙන බවක් තමා පේන්න තියෙන්නේ, ඒත් ඉතින් මේක අපි හැම අවුරුද්දකම මුල දකින දෙයක්. අද දවසේ මේ තියෙන උනන්දුව හෙට දවසටත් පවත්වා ගන්න එක තමා අමාරුම වැඩේ, මොකද, කට්ටියට මොකක් හරි දෙයක් පටන් ගන්නකොට මාර වීර්යක් එනවා, ඒත් ඒක පවත්වාගෙන යන එක තමා ටිකක් විතර අමාරු. මේ වීර්යය, එක විදිහටම අවුරුද්ද පුරාවටම පවත්වාගෙන යන්න පුලුවන් නම්, අන්න එතනදි ජයග්‍රාහකයෙක් බිහිවෙනවා. ඒ හින්දා මොනවා කරන්නත්...

Page 1 of 512345Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More