Friday, February 19, 2010

උබුන්ටු සමඟ ජීවිතය....

මෙම ලිපිය තුලින් මූලිකවම හඳුන්වා දෙන්න යන්නේ උබුන්ටු පද්ධතිය ස්ථාපනය කරගන්නා ආකාරය පිළිබඳවයි....කොහොම උනත් ඉතින් ඒකත් එක්ක සෙල්ලම් කරන්න, උබුන්ටු දාගෙන ඉන්න එපැයි නේද... ?
මේක හරිම ලේසි වැඩක්......මම පිළිවෙලින් කියාගෙන යන්නම්කො...
1) උබුන්ටු තැටියක් සපයාගන්න...මෙය ඔබට යාලුවෙක්ගෙන් මෙන්ම, උබුන්ටු පිටුවෙන්ද ලබාගත හැක. ඒ සඳහා මෙතන ඔබන්න.
2) දැන් ඔබේ පරිඝණකය ආරම්භ කර නිසි යතුර එබීමෙන් තිබෙන boot මෙනුවට ගොස්, එයින් boot from the internal CD/DVD තෝරාගන්න.
3) ඉන් පසු එහි එන පරිදි උපදෙස් පිළිපදින්න...ඔබ ubuntu වලට අලුත් කියලා හිතගෙන මේක ලියන හින්දා...දැනට තවත් එක application එකක් වගේ උබුන්ටු ස්ථාපනය කරගන්න අයුරු බලමු.
4) මේ සඳහා එයාලගේ wubi installer කියන අංගය තියෙන හින්දා එච්චරම අමාරුවක් නෑ...ඒ වුනත් හිතට හරි මදි වගේ හිතෙනව නම් පහල රූප ටික ඇති, පිළිවලට බලාගෙන යන්නකෝ...!






මේ විදිහට කරලා උබුන්ටු ස්ථාපනය කරන්න පටන් ගන්න.


මේ අහන ප්‍රශ්න වලට නම් උත්තර දෙන්න පුලුවන් නේ ඉතින් නේද.. ?







මේක නම් ටිකක් අමාරු පියවරක්...අමාරුයි කිව්වට ඉතින්...අමාරුමත් නෑ....මෙතනදි install them side by side කියන අංගය තෝරාගන්න.







එච්චර තමා ඉතින්....අමාරුද මේ වැඩේ එච්චරටම කියලා හිතෙන්නේ නැද්ද කට්ටියට... ? හෙහෙ

පින්තූර ටික නම් මගේ නෙමේ හැබැයි...මට උබුන්ටු දානකොට ඒක කරන්න මතක් උනේ නෑ ඉතින්....

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ අදහස් සඳහායි මේ අවකාශය

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More