මේ දවස් වල කතා බහට ලක්වෙන වැදගත්ම මාතෘකාවක් තමා මේක, ඉතින් මේ ගැන විශ්ව විද්‍යාලීය ශිෂ්‍යෙක් විදිහට පොඩි අදහසක් දක්වන්න හිතුනා. ඇත්තට මේ ගැන කතා කරනවා නම් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා, ඒත් මම සරලව මෙහෙම කියන්නම්. මගේ අදහස නම් මේ ඉල්ලිම් හරිම සාධාරණයි.
අපි වෙනුවෙන් ඒ ආචාර්යවරු ලොකු කැපකිරීමක් කරන්නේ. මම පොඩි උදාහරණක් ගෙනහැර දක්වන්නම් මම ඉගෙනුම ලබන පීඨයට අදාලව. අපේ සාමාන්‍යෙන් පළවෙනි පත්වීම් ලබන කොට අඩුම ගානේ 50000 විතර පඩියක් වත් ලැබෙනවා. ඊට පස්සේ සේවා කාලයත් එක්ක ඒක සැහෙන්න වැඩි වෙනවා. හිතන්නකො අපේ අචාර්ය වරයෙක් උපාධිය හිමි කරගෙන වසර 6කින් ආචාරය පදවියකට පත් වෙනවා කියලා, එතකොට එයා අචාර්ය වෙන්නෙ නැතිව, පශ්චාත් උපාධිය සම්පූර්ණ කලා නම්, අවුරුදු 3කට ආසන්න සේවා කාලයක් ඔහුට/ඇයට හිමි වෙනවා. මේ වගේ සේවා කාලයක් ඇතුලත, මේ වගේ සුදුසුකම් සහිත පුද්ගලයෙකුට වෙනත් රැකියාවකට ගියා නම් අඩුම තරමින් 200000 තරම් වත් පඩියක් ලැබෙනවා. වෙන රටක හිටියා නම් පරීක්ෂ්ණ කරමින්, ඉතාම ලේසියෙන් මේ වගේ 4 ගුණයකටත් වඩා වැඩි ආදායමක් ලබාගන්න පුලුවන්.
ඉතින් මේක තමා ඇත්තම තත්වය, එතකොට මේ අය ඉල්ලන මේ පඩි වැඩි වීම සාධාරණයි කියලා හිතෙන්නේ නැද්ද ? ඒ විතරක් නෙමේ, ඔයාලා හිතයි මම මේ හැම දෙයක්ම මූල්‍යම වටිනාකමින් විතරක් මනිනවා කියල, ඒත් ඒක එහෙම නෙමේ, බුද්ධි ගලනය බහුල මේ කාලේ, මේ ආචර්යවරුන් මෙහෙ ඉදලා අපිට උගන්නන එකම ලොකු දෙයක් නෙමෙද ? මොකද පඩි කෙසෙ වෙතත්, එයාලට වෙන රටකට වෙලා පරීක්ෂණයක් කරගෙන, අලුත් දේවල් හා තාක්ෂණ පසුපස හඹායමින්, ඒව හොයාගන්න බැරිවට මෙහෙ ඉන්නවා නෙමේනෙ. ඉතින් මේ ඔක්කොමත් එක්ක සලකලා බැලුවම, මගේ අදහස නම් මේ ඉල්ලිම් ගොඩාක් සාධාරණයි කියන එකයි!
මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.