Tuesday, February 23, 2010

පරිගණක සැකසුම 1

මම කතා කරන්න යන්නේ computer architecture පිළිබඳවයි. මම භාවිතා කරපු සිංහල වචනේ කොච්චර සුදුසුද කියන එක නම් ප්‍රශ්නයක් තමා....ඒක හින්දා මම ඒකට කෙටි කරලා CA කියලා යොදා ගන්නම්.
CA කියලා කියන්නේ මූලික කරුණු ත්‍රිත්වයක එකතුවක්. ඒ කියන්නේ ISA(Instructions Set Architecture), එතකොට පරිගණක සැකැස්ම හා දෘඩාංග සැකැස්ම.
මේ එක එකක් ගැන වෙන වෙනම කතා කරන්නම් පස්සේ...එතකන් දළ වශයෙන් මේ මොනවද කියලා කියන්නම්කො. 
ISA කියන්නේ high level software හා දෘඩාංග අතර අතුරු මුහුණතක්. එතනදී මූලිකවම වෙන්නේ high level softwares වල අපි අණ කරන දේවල කරන්න ඕනේ කොහොමද කියලා දෘඩාංග වලට කියන එකයි.
එතකොට Computer organization කියලා කියන්නේ කොහොමද මේ ISA අතර interconnections තියෙන්නේ කියන කාරණයයි.
Hardware Implementation කියන්නේ ඇත්තටම මේ කරපු කොටස, දෘඩාංග භාවිතයෙන් හදා ගන්නේ කොහොමද කියන එකයි.
මේ තුනේ එකතුවට තමා CA කියලා කියන්නේ....දැන් පැහැදිලි ඇතිනේ මම කතා කරන්න යන්නේ මොන වගේ දෙයක් ගැනද කියලා නේද... ?

මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

2 ප්‍රතිචාර:

මේකත් කියවල wikiයත් කියෙව්වම සම්පූර්ණයෙන් තේරුනා. :)
පුලුවන් නම් ටිකක් දිග ලිපි ලියන්න.. ගොඩක් අය කැමති ඒකට.

ඔව්...ඒක හොඳ අදහසක්....එහෙම කරන්න තම මම බලාපොරොත්තු වෙල ඉන්නෙ....!

Post a Comment

ඔබගේ අදහස් සඳහායි මේ අවකාශය

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More